DC (2026)
Movie
RomanceActionAdventureDrama

DC (2026)

20268.4/ 10 IMDb

Overview

🕵️‍♂️ DC (2026) - සිංහල උපසිරැසි 🎬 ඔන්න යාළුවනේ, මෑතකදී සිනමාශාලාවල තිරගත වෙලා ප්‍රේක්ෂකයින්ගේ ඉහළම ප්‍රතිචාර දිනාගත්තු, Sun NXT ඔස්සේ OTT මාධ්‍යයෙන් නිකුත් වුණු "DC" අලුත්ම සුපිරි දෙමළ ක්‍රියාදාම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙන ආවා. සුප්‍රසිද්ධ දෙමළ සිනමා අධ්‍යක්ෂක Lokesh Kanagaraj (Leo, Vikram, Kaithi අධ්‍යක්ෂක) ප්‍රධාන නළුවෙකු විදිහට රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය තමයි මේක. Sarat Chandra Chattopadhyay ගේ ප්‍රකට "Devdas" නවකතාව ඇසුරෙන් හාත්පසින්ම වෙනස්, අඳුරු ක්‍රියාදාම පැත්තකට බරව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. කතාව පැත්තට ගියොත්, මෙහි දේවදාස් (Lokesh Kanagaraj) කියන්නේ නීතියට පිටින් තමන්ගේම නීතිවලට අනුව වැඩ කරන දඩබ්බර තරුණයෙක්. දවසක් මෙයාගේ ජීවිතයට ආදරය අරගෙන එන පාර්වතී (Sanjana Krishnamoorthy) නැමැති තරුණියව දූෂිත පොලිස් නිලධාරීන් සහ මැර කල්ලියක් එකතුවෙලා අමානුෂික විදිහට මරා දානවා. තමන්ගේ ආදරණීය පෙම්වතියගේ මරණයට පලිගන්න සිතාගෙන දේවදාස් දරුණු, සටනක් ආරම්භ කරනවා. මේ අවදානම් ගමනේදී ඔහුට අහම්බෙන් හමුවෙන චන්ද්‍රා (Wamiqa Gabbi) නැමැති කාන්තාවත් මේ සටනට එකතු වෙනවා. "Captain Miller" සහ "Rocky" අධ්‍යක්ෂණය කරපු Arun Matheswaran ගේ අති දක්ෂ අධ්‍යක්ෂණයෙන් වගේම, Anirudh Ravichander ගේ පිස්සු හැදෙන සුපිරි පසුබිම් සංගීතයෙන් හැඩවුණු, මේ වසරේ ආපු හොඳම දෙමළ මාස් (Mass) චිත්‍රපටයක් වෙන "DC" ඔයාගේ Must Watch ලිස්ට් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. 📥 වීඩියෝ පිටපත් සහ උපසිරැසි ලබාගන්නේ මෙහෙමයි: 📄 Direct Subtitle Download: කිසිම කරදරයක් නැතුව සිංහල උපසිරැසි ගොනුව (SRT) කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ✈️ Telegram Download: 720p, 1080p කොපි ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ගන්න පුළුවන්.

Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤

Feedback & Comments (0)

No comments yet. Be the first to leave a feedback!