
Last Seen
Episode 01
Overview
🕵️♂️ Last Seen (2026) - සිංහල උපසිරැසි ✅ ඔන්න යාළුවනේ, අදම (සැප්තැම්බර් 9) Apple TV+ හරහා ලොව පුරා විකාශනය ආරම්භ වුණු "Last Seen" (2026) අලුත්ම සුපිරි ඕස්ට්‍රේලියානු අපරාධ සහ අබිරහස් (Crime Mystery Thriller) කතා මාලාවට සිංහල උපසිරැසි අරගෙන ආවා. Ryan David Jahn ගේ "The Dispatcher" නම් ප්‍රකට නවකතාව ඇසුරෙන් කොටස් 6ක මිනි-සීරීස් එකක් විදිහට නිර්මාණය වුණු මේ කතාව, මුල ඉඳන් අගටම දරුණු කුතුහලයකින් බලන්න පුළුවන් විශිෂ්ටතම නිර්මාණයක්. කතාව පැත්තට ගියොත්, ඉයන් රිඩ්ලි (Patrick Brammall) කියන්නේ මීට අවුරුදු 11කට කලින් තමන්ගේ කුඩා දියණිය මැගී (Maggie) අද්භූත විදිහට අතුරුදන් වීම නිසා මුළු ජීවිතයම කඩා වැටුණු හිටපු පොලිස් රහස් පරීක්ෂකයෙක්. ඒ මානසික කම්පනය නිසා පොලිස් රැකියාව අහිමි වෙන ඔහු, වර්තමානයේ වැඩ කරන්නේ ඕස්ට්‍රේලියාවේ හදිසි ඇමතුම් සේවාවේ (000 emergency dispatcher) දුරකථන ක්‍රියාකරුවෙක් විදිහටයි. හැබැයි එයාගේ දුව මැරිලා කියලා හැමෝම විශ්වාස කරද්දීත්, ඉයන්ගේ හිතේ කොහේ හරි එයා ජීවතුන් අතර ඇති කියන බලාපොරොත්තුව තියෙනවා. දවසක් හදිසි ඇමතුම් මැදිරියේ රාජකාරියේ ඉද්දි, ඉයන්ට අතිශය බියට පත්වුණු ගැහැනු ළමයෙකුගෙන් හදිසි ඇමතුමක් ලැබෙනවා. ඒ කටහඬ ඇහෙන සැනින් ඉයන්ගේ මුළු ඇඟම හිරිවැටිලා යනවා. ඒකට හේතුව, ඒ කතා කරන්නේ මීට අවුරුදු 11කට කලින් අතුරුදන් වුණු තමන්ගේ දුව මැගී කියලා ඔහුට තදින්ම විශ්වාස වීමයි. තමන්ගේ දුවව හොයාගන්නත්, මේ ඇමතුම පිටුපස තියෙන භයානක රහස හෙළිකරගන්නත් ඉයන් හැමදේම පරදුවට තියලා අතිශය අවදානම් සහගත පරීක්ෂණයක් ආරම්භ කරනවා. Patrick Brammall, Maxine Peake සහ Brendan Cowell ගේ සුපිරි රංගනයෙන් හැඩවුණු, හැම තත්පරේම හදවත ගැහෙන තරමේ කුතුහලයක් තියෙන මේ අලුත්ම කතා මාලාව අදම බලන්න. 📥 වීඩියෝ පිටපත් සහ උපසිරැසි ලබාගන්නේ මෙහෙමයි: 📄 Direct Subtitle Download: සිංහල උපසිරැසි ගොනුව (SRT) කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ✈️ Telegram Download: 720p, 1080p Webrip කොපි ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ගන්න පුළුවන්.
Opens in a new tab. Thank you for supporting PixelPopLK ❤
